චෙන්නායි සිට කොළඹ බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක සිටි ගුවන් මගියෙකු ගුවන් යානය තුළ කළබලකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහු ගුවන් යානයෙන් ඉවත් කිරීමට ගුවන් යානා කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ.
අහ ගුවන් මගියා ගුවන් යානය තුළ යෝගා අභ්‍යාස හා ව්‍යායාම කිරීමට පටන් ගැනීම හේතුවෙන් ඔහු මෙසේ ගුවන් යානයෙන් පිටතට ගෙන චෙන්නායි පොලීසියට භාරදීමට කටයුතු කර ඇත.
දිගින් දිගටම ගුවන් යානා කාර්ය මණ්ඩලය කළ ඉල්ලීම් නොතකමින් ඔහු මෙසේ ගුවන් යානය තුළ කළබලකාරී ලෙස හැසිරී තිබේ. වාරණාසි නුවර සිට ඔහු කොළඹට ගමන් කිරිමට නියමිතව සිට ඇත.
ගුවන් මගියා ගුවන් යානයෙන් ඉවත් කිරීමෙන් පසුව ඔහුගේ ගුවන් ටිකට්පතට ගෙවූ මුදලින් භාගයක් ආපසු ලබාදීමටත් ගුවන් සමාගම කටයුතු කර තිබේ.
මගියාට එරෙහිව විධිමත් පැමිණිල්ලක් නොතිබූ හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදුකර නොතිබුණ බවත් ඔහු චෙන්නායි නුවර ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයට භාරදීමට කටයුතු කරමින් සිටින බවත් චෙන්නායි පොලීසිය පැවැසීය.
පී.ටී.අයි. ඇසුරෙනි