සැප්තැම්බර් 17 දින සිට කොටස් වෙළඳපොළෙහි සියලු කටයුතු ඩිජිටල්කරණය වීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි. නව මානයකින් ලෝකයට නිරාවරණය වීමේ ක්රමෝපායක් යටතේ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස්මත ආරම්භ විය.
කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කර අවසන් කිරීම දැනුම් දීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ නියෝජිතයෝ ඊයේ (31දා) අග්‍රාමාත්‍ය මහනිද් රාජපක්ෂ මහතා හමුවිය.
සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ සභාපති විරාජ් දයාරත්න මහතා හා අධ්යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා අග්‍රාමාත්‍යවරයා මුණගැසී ප්‍රකාශ කර සිටියේ කොවිඩ්-19 හේතුවෙන් දින 52ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු අඩපණ වුවද, සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණ වූ කොටස් වෙළඳපොළ ක්‍රියාවලිය නව මුහුණුවරකින් ලොවට පියනැඟීමක් බවයි.
එහිදී ලෝකය සමඟ ගණු දෙනු කිරීමේදී මෙන්ම රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන් සමඟින් සුවපහසු මෙන්ම කාර්යක්ෂම සේවයක් කොළඹ කොටස් වෙළඳපොළ තුළින් ලබාදීම ඔවුන්ගේ ප්රමුඛ අරමුණ බව ද කියා සිටියේය.