කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්රතිකාර ලැබූ මාස 10ක් වයසැති දරුවෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
ඒ අනුව එම දරුවා ප්රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.උණ රෝගයක් හේතුවෙන් දරුවා මෙම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයකදී දරුවාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.