විශේෂිත වර්ෂයක් ලෙස ලොවම සලකන 2020 වර්ෂය සමරමින්, විශේෂ මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු යොදා තිබේ.
හරිත ලෝකයක් අපේක්ෂාවෙන් 2020 වසරේ සිට රට තුළ ගොඩනැගෙන තිරසර සංවර්ධනය මෙම මුද්දරය තුළින් ලොවට ගෙනයෑම තැපැල් දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි.
ඒ අනුව පෙබරවාරි 20දා රාත්රී 8.20ට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි, තැපැල් මූලස්ථාන පරිශ්රයේදී මුද්දර නිකුත් කිරීම සිදුවනු ඇත.
මෙම මුද්දරය නිකුත් කිරීමට සමගාමීව සිරිලක ගීත කෙත පෝෂණය කළ අසහාය ගායක අල්හාජ් මොහිදීන් බෙග් මහතා වෙනුවෙන් සමරු මුද්දරයක්ද එදින නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.
මෙම වැඩසටහන් සියල්ලට සමගාමීළු 2020 වසරේ ප්රථම කොළඹ මුද්දර දැක්ම හා ප්රදර්ශනය පෙබරවාරි 20 සිට 23 දක්වා පෙ.ව. 9.00 සිට ප.ව.6.00 දක්වා තැපැල් මූලස්ථාන පරිශ්රයේදී පැවැත්වෙන බව වැඩිදුරටත් දැනුම් දෙයි.