කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයට බලන්ගොඩ සීලගම ප්රදේශයේ දි පස්කන්දක් කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ එක් මංතිරුවක් වාහන ගමනාගමනය සදහා අද (05) සවස තවදුරටත් අවහිර වි තිබේ.
පස්වරුවේදි ප්රදේශයට පැවැති අධික වර්ෂාවත් සමග එම පස්කන්ද මාර්ගයට කඩා වැටිම සිදුවු බව ඉඹුල්පේ ප්රාදේශිය ලේකම් එමි.බි.එමි.බි.ඒ. බටුගෙදර මහතා පැවසිය.
ඉඹුල්පේ ප්රාදේශිය ලේකම් කාර්යාලය , සමනල වැව පොලිසිය සහ මාර්ගය සංවර්ධන අධිකාරිය එක්ව එම පස් කන්ද මාර්ගයෙන් ඉවත් කිරිම සදහා කටයුතු කල බව ඉඹුල්පේ ප්රාදේශිය ලේකම් බටුගෙදර මහතා පැවසීය.
එහෙත් නැවත ඇතිවු වර්ෂාවත් සමග තවත් පස්කදු කඩා වැටිමක් ඇති වු බව ඉඹුල්පේ ප්රාදේශිය ලේකම්වරයා පවසයි.
මේ වන විට මාර්ගයේ එක් මංතිරුවක් නැවත අවහිර වි තිබේ.
වර්ෂාව තවදුරටත් පවතින බැවින් ප්රදේශයෙන් තවත් පස් කදු මාර්ගයට කඩා වැටිමේ අවදානමක් පවතින නිසා එම ස්ථානයයෙන් මාර්ගය භාවිතා කරන ජනතාව විමසිලිමත් වන්නැයි බටුගෙදර මහතා ජනතාව දැනුම් දෙයි.