මිනිස් ජීවිත රැසක් විනාශ කරමින් ශ්‍රී ලංකාවේ කොළඹ හා තවත් ස්ථාන කිහිපයක ඇති වූ බෝම්බ පිපිරීම් සිද්ධි දැකීමෙන් තමා බලවත් සංවේගයට පත්වූ බව චීන ජනපති ෂී ජින්පිං පවසයි.
ශ්‍රී ලංකා ජනපති, අගමැති සහ විදේශ අමාත්‍යවරයා වෙත ශෝක පණිවුඩ නිකුත් කරමින් චීන ජනපති සහ අගමැති මෙම අදහස් දක්වා තිබේ.
චීන රජය සහ ජනතාව වෙනුවෙන් චීන ජනාධිපතිවරයා ලෙස ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්, ඔවුන්ගේ පවුල්වලටද සිය ශෝකය ප්‍රකාශ කරන බවත් ජනාධිපතිවරයා පවසයි.
එමෙන්ම, මෙම අවස්ථාවේදී චීන රජය සහ ජනතාව ශ්‍රී ලාංකේය ජනතාව සමග ස්ථිර ලෙස නැගී සිටින බවත්, ශ්‍රී ලංකා රජයේ ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් චීනයේ සහාය ලබාදෙන බවත් චීන අගමැති ලී කෙකින්ග් පවසයි.