කොවිඩ් 19 වසංගතය තත්ත්වය යටතේ පවා රැකියාවට වාර්තා කරන කොළඹ නගර සභාවේ සේවකයන් වෙනුවෙන් ස්වදේශ වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් ශාකසාර වාෂ්ප කුටියක් නිර්මාණය කර තිබේ.
මෙහි දේශීය ඖෂධීය ශාක කොටස් අඩංගු කර ඇති අතර එම කුටිය තුළට ඇතුළු වී එහි පිටවන වාෂ්ප ආඝ්‍රාණය කිරීම මගින් ආයුර්වේද ක්රමයේ ප්‍රචලිත දුම් හට්ටිය ඉටුකරන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් මඟින් ශ්වසන මාර්ගය හා ආශ්රිත ඉන්ද්‍රියන් පිරිසිදු වෙයි.
මෙම උපකරණය හෙට (13දා) කාර්ය මණඩලය වෙනුවෙන් හෙට හඳුන්වාදිමට නියමිතව තිබේ.