කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලදී අන්තර්ජාලය හරහා තොරතුරු ලබාගෙන මගී සේවාවේ නිරත වන ත්‍රි‘රෝද රථවලට පමණක් මගී ප්‍රවාහනය කිරීමට අවසරය ලබාදීම නිසා සාමාන්‍ය ත්‍රිරෝද රථ හිමියන්ට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රි‘රෝද රථ සංගමය සඳහන් කරයි.
අත්‍යවශ්‍ය රාජකාරී කටයුතුවලට යන සේවකයෙකු රැගෙන යන අවස්ථාවේදී පමණක් සාමාන්‍ය ත්‍රි‘රෝද රථවලට සේවාවේ නිරත විය හැකි බවත්, එසේ නොමැති කිසිදු අවස්ථාවක ත්‍රි‘රෝද රථවලට ගමන් කිරීමට පොලීසිය අවස්ථාව ලබා නොදෙන බවත් එම සංගමයේ සභාපති සුනිල් ‘ජයවර්ධන මහතා පැවසීය.
මේ නිසා අත්‍යවශ්‍ය රාජකාරී කටයුතුවල නිරත වී නිවෙස් වෙත රැගෙන ඒමට හා රාජකාරී ස්ථානයට සේවකයන් ගෙන ගොස් ආපසු පැමිණීමට ත්‍රි‘රෝද රථවලට නොහැකි වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
එසේම මගී ප්‍රවාහන සේවාවේ නිරත ලක්ෂ අටහමාරකට අධික ත්‍රි‘රෝද රථවලින් ත්‍රි‘රෝද රථ ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කය තුළත් ත්‍රිරෝද රථ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයත් මූලික කර ගනිමින් සාමාන්‍ය මගී සේවාවල නිරත වන බවද සභාපතිවරයා සඳහන් කළේය.
එබැවින් මේ පිළිබඳ අද (15දා) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ලිඛිතව පැමිණිලි කරන බවත්, මීට අමතරව අල්ලස් කොමිසමටත් පැමිණිලි කරන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.