නවවැනි ‘කොළඹ ආරක්ෂක සමුළුව’ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ශ්‍රී ලංකා ජනපති මෙන්ම සේනාධිනායකයා වන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම සමුළුවට චීනය, ඇමෙරිකාව, සිංගප්පූරුව, වියට්නාමය ඇතුළු රටවල් 42ක නියෝජිතයන් 800ක් එක්වීමට නියමිතය.
සමුළුවේදී ත්‍රස්තවාදය හා ආරක්ෂාව පිළිබඳව දේශීය හා විදේශීය විශේෂඥයින් 27 දෙනෙකු දේශණා පැවැත්වීමට නියමිතව තිබේ.
කොළඹ ආරක්ෂක සමුළු දින දෙකක් පුරා පැවැත්වීමට නියමිත අතර මෙම සමුළුව පැවැත්වීමේ අරමුණ වන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු බෙදා ගැනීම, සහයෝගීතාංව වර්ධනය කිරීම හා සංවාද වැඩි දියුණු කිරීමය.