සියඹලාණ්ඩුව නගරයේ පුද්ගලික මූල්‍ය සමාගමක ශාඛා කළමනාකරුවෙකු ඉකුත් (6) වෙනිදා හදිසියේ මියගොස් ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව රෝහල පිටුපස මාර්ගයේ අංක 1/22 පදිංචි පොල්වත්තගේ යසස්ද අල්විස් (39) නැමති සිව්දරු පියෙකි. හදිසියේ රෝගාතුරුවී ඇති හෙතෙම එදින පෙරවරු 11.30 ට පමණ සියඹලාණ්ඩුව රෝහල ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත.
ඔහුගේ මුඛයෙන් සෙම මතුවී තිබුණත් කෘමිනාශක වල්නාශක හෝ වෙනත් වස වර්ගයක් පානයකැර ඇති බවට මතුපිටින් පෙනෙන්නට නොතිබුණු බව සියඹලාණ්ඩුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ධම්මික දිසානායක මහතා පැවසීය.
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (7දා) මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී මොනරාගල අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්යඑච්.ආර්.එන් යාපා මහතා විසින් පවත්වන ලදි.
මෙහිදී මරණයට හේතුව අනාවරණය නොවූයෙන් මෘතදේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමුකැරිණි. සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත්වරයි විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි. සියඹලාණ්ඩුව පොලීසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එම් බණ්ඩාර මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක