ජාතික ආරක්ෂාව වෙනුවෙන් යුද සමයේදී ආරක්ෂක අංශ පරිහරණය කරන ලද සාමාන්‍ය වැසියන්ගේ සහ රජයේ ඉඩම් අක්කර 45.28 ක ප්‍රමාණයක් ප්‍රදේශ භාර දිසාපතිවරුන් වෙත භාර දීම ඊයේ දින සිදු විය.
කිළිනොච්චිය සහයෝගිතා කේන්ද්‍රයේදී මෙම ඉඩම් භාර දීම සිදු වූ අතර කිළිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රැල්ෆ් නුගේරා මහතා විසින් කිළිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් හා මුලතිව් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් යන අයට ඉඩම් භාරදීම සිදු විය.
මේ අනුව කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අක්කර 35.95ක්, කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 04ක්, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 05ක් සහ තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් පර්චස් 33ක් නිදහස් කිරීමට පියවර ගෙන තිබුණි.
ඉඩම් නිදහස් කිරීමේ අවස්ථාවට 57 වන සේනාංකයේ සේනංකාධිපති මෙජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතා, 65 වන සේනංකයේ සේනංකාධිපති බ්ර්ෙග්ඩියර් වසන්ත කුමාරප්පෙරුම, 66 වන සේනංකාධිපති බ්ර්ගෙඩියර් දීප්ති ජයතිලක යන මහත්වරුන් සහභාගී වූහ.