කළුතර රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පලාගොස් සැඟවී සිටි පාතකඩ අගුලුවා නැමැත්තා කළුතර නාගොඩ මහ රෝහල පිටුපස දී (31) අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි
සැකකටයුතු පුද්ගලයෙක් කළුතර නාගොඩ මහ රෝහල පිටුපස සිටින බවට කළුතර දකුණ පොලිසියේ ජංගම සංචාරක ජීප් රථයේ උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි විතාන මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව සිදු කළ දීර්ඝ විමර්ශනයේදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
එම සැකකරු රැඳී සිටි ප්‍රදේශයට පොලිස් ජීප් රථය යාමේදී ඔහු පලා යාමට තැත් කළ අතර එම ප්‍රදේශයේ මහජන පරීක්ෂක වරයෙක් සහ ප්‍රදේශවාසීන් ද පොලිස් නිලධාරීන්ට සහාය දැක්වූ බව උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි විතාන මහතා පැවසීය
ප්‍රශ්න කිරීමේදී ව්‍යාජ නමක් පොලිස් නිලධාරින් වෙත ලබාදී තිබූ සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ විමර්ශනවලදී ඉකුත් මස දෙවැනි දා තවත් පුද්ගලයන් දෙදෙනෙක් සමඟ බන්ධනාගාරයෙන් පලාගිය පුද්ගලයෙක් බවට අනාවරණ වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය
සැකකරුගේ මව අසනීපව නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන එයින් ඇය බැලීම සඳහා පැමිණ තිබූ සැකකරු පොලිසියට වසන්වී ප්‍රධාන දොරටුවෙන් රෝහල වෙත නොයා පිටුපස තාප්පයෙන් පැන රෝහල වෙත ඇතුළුවීම සඳහා එහි රැඳී සිට ඇති බව සිදුකළ වැඩිදුර විමර්ශන වල දී අනාවරණ වූ බව පොලිසිය කියයි
මෙම සැකකරුවන් පලා යාම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් කීප දෙනෙක්ට වැඩ තහනමට ලක්වූ බව ප වූ බව පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් පැවසීය
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතාගේ උපදෙස් මත තන් සමහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල පේමදාස මහතාගේ අධීක්ෂණය යටතේ කළුතර දකුණ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත උප පොලිස් පරීක්ෂක වරුන් වන චන්ද්‍රසිරි විතාන ආ උපුල් මහත්තුරු පරීක්ෂණ පවත්වයි
බිමල් ශ්‍යාමන් ජයසිංහ