කළුතර බන්ධනාගාරයේ තාප්පය උඩින් හොරොයින් මත්කුඩු සහ ජංගම දුරකථනයක් බෝලයක් ලෙස සකසා විසි කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඊට උපදෙස් ලබා දුන් කාන්තාවක් ද (01) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව කළුතර උතුර පොලිසිය කියයි
එම සැකකරුවන් සමඟ රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටිනා මත්කුඩු ග්‍රෑම් දහයකට ආසන්න ප්‍රමාණයක් , යතුරුපැදි තුනක් 3ක් ,හා සිම්පත් දහයක් ,ජංගම දුරකථන දෙකක් ,පොලිස් භාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් රන්මාල කොල්ලකෑම් තිස් හයකට සම්බන්ධ සැකකරුවෙක් බව පොලිසිය කියයි
කළුතර උතුර ජාවත්ත පාර බන්ධනාගාර තාප්පය අසල සැක කටයුතු ලෙස සිටි පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් කළුතර දකුණ ගමගොඩ සහ පානදුර අළුබෝමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණ වූ බව පොලිසිය කියයි
කළුතර බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින සැකකාර කාන්තාවගේ සැමියාට බෝලයක් ලෙස සකස් කර මත්කුඩු සහ ජංගම දුරකථනය ලබාදීම සඳහා එම ස්ථානයේ රැඳී සිටිය බව ප්‍රශ්න කිරීමේ දී වැඩිදුරටත් අනාවරණ වූ බව පොලිසිය කියයි
ඒ වෙනුවෙන් තමන්ට මුදල් ලබාදෙන බව එම කාන්තාව පැවසූ බව සැකකරුවන් අනාවරණ වූ බව පොලිසිය කියයි
පානදුර අළුබෝමුල්ල තිස්ස මාවතේ පදිංචි වන සැකකාරිය ද මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට ලද තොරතුරක් අනුව හරි අත්අඩංගු ගැන පරික්ෂා කිරීමේදී මත්කුඩු ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් ඇය සන්තකයේ තිබී සොයාගැනීමට හැකිවූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය
සැකකාරිය සන්තකයේ තිබූ සිම්පත් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කවුරුන්දැයි සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි