කළුතර දිස්ත්‍රික්කය පුරා මහා පරිමාණයෙන් කේරල ගංජා බෙදා හරිමින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් රුපියල් ලක්ෂ විස්සක් ට ආසන්න වටිනා කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
එම සැකකරුවන් සමග කේරල ගංජා කිලෝ පහයි ග්‍රෑම් සීයක් පොලිස් භාරයට ගෙන ඇත
ඒ අනුව එම පුද්ගලයා සොයා පරීක්ෂක පැවැත්වීමේදී මෙම ජාවාරමට සම්බන්ධව කියනතවත් පුද්ගලයකු කේරල ගංජා බෙදාහැරිමේ නිරතව සිටින පෙදරේරුවකු බවත් ඔහු මේ වන විට ගංජා කිලෝ පහක් රැගෙන පයාගල ප්‍රදේශයේ සිටින බවට එම කාන්තාවගේ වැඩිදුරටත් හෙළි වූ තොරතුරු මත මෙම සැකකරු සොයා පරීක්ෂණ පැවැත්වීමේදී කලමුල්ල ප්‍රදේශයේ රැඳී සිටියදී ගංජා කිලෝ පහක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීන් පැවසීය
එම පුද්ගලයා පෙදරේරු රැකියාවේ යෙදෙන මුවාවෙන් පාසල් බෑගයක් තුළ ගංජා සඟවාගෙන සැකකාරියගේ සැමියා ලබාදෙන උපදෙස් මත ගංජා පාර්සල් ඒ ඒ ප්‍රදේශ වලට ප්‍රවාහනය කර දෙන බවත් එම එක් පාර්සලයක් වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ලැබෙන බවත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණ බව පොලිස් නිලධාරියා පැවැසීය
මෙම ජාවාරම සිදු කරන්නා කළුතර බේරුවල පයාගල මතුගම බදුරලිය නෑබොඩ බුලත්සිංහල හා පයාගල ප්‍රදේශ වලට මහා පරිමාණයෙන් මෙම කේරල ගංජා බෙදා හරින බව අනාවරණ වූ බව පොලිසිය කියයි
බිමල් ශ්‍යාමන් ජයසිංහ