අත් බෝම්බයක් සහ හොරොයින් මත් කුඩු මෝටර් රථයකින් ප්රවාහනය කරමින් සිටි "කහපොල සුරංජි " නැමැත්තා පිළියන්දල බටකැත්තර දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.
එම සැකකරු සමඟ මත්කුඩු ග්රෑම් 2, මිලිග්රෑම් 20 හා විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් පොලිස් භාරයට ගෙන ඇත.
ඩුබායි රටේ සිට මහා පරිමාණයෙන් හොරෙන් මත්කුඩු ජාවාරමේ යෙදෙන රත්මලාන ධර්මසිරි පෙරේරා නමැත්තාගෙන් සමීපතම ගෝලයෙක් වන "කහපොල සුරංජි" නැමැත්තා හොරෙයින් මත්කුඩු රැගෙන මෝටර් රථයකින් ගමන් කරන බවට ලද තොරතුරක් අනුව මොරටුව සහ පිලියන්දල පොලිසිය ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට හැකිවූ බව පොලීසිය කියයි.41 හැවිරිදි සැකකරු පිළියන්දල බටකැත්තර ප්රදේශයේ පදිංචිකරුවෙකි.