මේ වන විට වරායේ පවතින කහ තොග විනාශ කිරීමක් නොකරන බවත් ඒවා සතොස හරහා අලෙවි කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවැසීය.
වරායේ පවතින කහ තොග මෙට්‍රික් ටොන් එකක් රුපියල් 6000 බැගින් වියදම් කර විනාශ කිරීමට රජය සැලසුම් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවෙ කළ අදහස් දැක්වීමට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.