ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් මෙරට ට ආනයන කරන ලද කහ තොගයක් බේරුවල වරායේ ධීවර යාත්‍රාවක සඟවා තිබියදී නාවික හමුදාවේ වෙරළ ආරක්ෂක නිලධාරීන් සහ බේරුවල පොලිසිය ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී (3) සොයා ගැනීමට හැකි වී ඇත
එක් පුද්ගලයෙකු සමග ධීවර යාත්‍රාව ත්‍රීරෝද රථය සහ කහ තොගය ද නාවික හමුදාවේ වෙරල ආරක්ෂක නිලධාරීන් භාරයට ගෙන ඇත .
ධීවර වරායේ සිට ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කහ අඩංගු ගෝනි පහක් සමඟ නාවික හමුදා වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී බේරුවල වරාය වරායේ නවතා තිබෙන රුශාන් පුතා 5 ටොලර් යාත්‍රාවේ තවත් කහ තොගයක් තිබෙන බවට අනාවරණය වීමෙන් අනතුරුව බේරුවල පොලිසිය සමග ඒකාබද්ධව වැටලීම සිදු කර කහ අඩංගු තවත් ගෝනි 85 එම යාත්‍රා වී තිබී සොයාගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමට ඔවුහු යාත්‍රාවේ මුරකරු බවත් ඉකුත් එකොළොස් වැනිදා මුහුදු ගොස් පෙරේදා 2 මාළු රැගෙන මෙම යාත්‍රාව පැමිණි බවත් එහි පුද්ගලයන් පස්දෙනෙකු සිටි බවද එම පුද්ගලයා පකාශ කර තිබූ බව පොලිසිය කියයි
කිලෝ 20 සහ 25 අතර ප්‍රමාණයන්ගෙන් අඩංගු එම ගෝනි 90 තුළ කහ කෑලි කිලෝ 1070 සහ කහ කුඩු කිලෝ 1160 අඩංගු වී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
මාළු ඇල්ලීම සඳහා එම යාත්‍රාවේ ගොස් සිටි පුද්ගලයන් පයාගල සහ බේරුවල පදිංචිකරුවන් බවත් ඔවුන් මේ වන විට විට ප්‍රදේශය හැර ගොස් සිටින බවත් පොලිස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය
යාත්‍රාව හිමිකාරිය පයාගල පදිංචිකාරියක් බවත් පොලිසිය කියයි
බිමල් ශ්‍යාමන් ජයසිංහ
