මන්නාරම මැදවච්චිය ප්රධාන මාර්ගයේ පිහිටි යුදහමුදාවේ 543 වන බලසේනා මාර්ග බාධකයේදී (23) සවස සිදු කල සෝදිසියකදී රුපියල් ලක්ස 8 කට අධික වටිනාකමින් යුත් කහ කැබලි කිලෝ 203 ක් සමගින් පුද්ගලයින් දෙදෙනෙකු යුදහමුදා සෙබලුන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
54 වන සේනාංකයට අයත් 543 වන බලසේනාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබලුන් පිරිසක් විසින් යොදා ඇති මාර්ග බාධකයේදී මැදවච්චිය මන්නාරම් ප්රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ කුඩා ලොරි රථයක් නවතා පරික්ෂා කොට ඇත.
එහිදී ලොරි රථය තුල සඟවා තිබූ අදාල කහකැබලි තොගය හමු වී ඇති අතර ලොරි රථයේ ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.
අදාල කහකැබලි තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් දකුණු ප්රදේශයට විකිණිමට සූදානම් කර තිබූ බවට යුද හමුදාව විසින් අනාවරනය කොට ගෙන ඇති තර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මැදවච්චිය පොලීසියට භාරදීමට පියවර ගත් බවට යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.