බී ළූණු ලෙස ප්‍රකාශ කරමින් නීතිවිරෝධී ලෙස කහ කැබලි තොගයක් කොළඹ වරායෙන් මෙරටට ගෙනැවිත් තිබියදී රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් 12/14 දින මේ බැව් අනාවරණය කර ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංකා රජය බී ළූණු මෙරටට ආනයනය කිරීමේදී පනවා තිබූ බද්ද ශත 25 දක්වා අඩු කර තිබීම නිසා ව්‍යාපාරිකයන් වෙනත් බොහෝ වෙළෙඳ භාණ්ඩ , බී ළූණු බව ප්‍රකාශ කරමින් මෙරටට ආනයනය කරන බව රේගුව සිදු කරන ලද විමර්ශන වලදී හෙළිදරව් කර ගෙන තිබේ .
ඒ අනුව බහාලුම් 04 ක බහා මෙම රුපියල් 26,880 ක් වටිනා කහ කැබලි කිලෝ ග්රැම් 25,450 ක් ඉකුත් 12/09 දින ඩුබායි සිට කොළඹ වරායට කොළඹ පිටකොටුවේ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙනැවිත් තිබුණි .
මෙම බහාලුම් 04 කොළඹ වරායෙන් , ඔරුගොඩවත්ත ග්‍රේ ලයින් බහාලුම් අංගනය වෙත රැගෙන විත් තිබූ අතර , 12/14 දින දහවල් රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විවෘත කර , පරීක්ෂණ කටයුතු සිදු කළහ .
මේ වනවිට මෙම නීතිවිරෝධී ආනයනයට සම්බන්ධ පුද්ගලයන් 03 කු රේගු අත් අඩංගුවට ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .
කටුනායක ටී.කේ.ජී.කපිල