කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ සහායක ප්‍රජනන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරිමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය මගින් වීදුරු නළ තුළ සංසේචනය සඳහා රසායනාගාර හා ශල්‍යාගාර පහසුකම් ඇතුළත්වන පරිදි මඳසරුභාවයෙන් යුත් විවාහක යුවළ සඳහා සේවා සැපයීමට නියමිතය.
එම මධ්‍යස්ථානය වෙනමම නව දෙමහල් ගොඩනැගිල්ලක ස්ථාපිත කිරිමට නියමිත අතර ඒ සඳහා ප්‍රතිපාදන ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.