පිළිමතලාවේ සිට ආගරපතන ප්රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට කසල තේ ප්රවාහනය කරමින් තිබු ලොරි රථයක් ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදියකට ඉඩ ලබා දිමට යාමේදි ලොරි රථය අඩි 75 පමණ ප්රපාතයකට පෙරළි ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා සහ යතුරුපැදිකරු තුවාල ලබා ලිදුල රෝහල වෙත ඇතුළත් කර ඇති බව ලිදුල පොලීසිය පැවසිය.
අද (05) උදැසන 8.00 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ තලවකැලේ ඩයගම ප්රධාන මාර්ගයේ ලිදුල නාගසේන අග්රකන්ද කැල්ඩොනියා ප්රදේශයේදිය.
ධාවනය වෙමින් තිබු ලොරි රථයට ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදියකට ඉඩ ලබා දිමට උත්සාහ කිරිමේදි ලොරි රථය ප්රපාතයකට පෙරළි ඇත.
ලොරි රථය පෙරළෙන අවස්ථාවේ ලොරි රථයේ රියදුරා ඉන් ඉවතට පැන දිවි බේරාගෙන ඇති අතර යතුරුපැදිකරුටද යතුරුපැදියේ වේගය පාලනය කර ගත නොහැකිව ප්රධාන මාර්ගයේ අභියස කන්දක ගැටි මෙම අනතුර සිදු වි ඇති බවත්, ලොරි රථය ප්රපාතයට පෙරළි පෞද්ගලික ජල විදුලි බලාගාරයක ආරක්ෂක මුර කුටියක් අසලට පෙරළි ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන ලිදුල පොලීසිය කියා සිටියේ.
අනතුරෙන් මුර කුටියටද සුළු අලාභ හානි සිදු වි ඇත.
තුවාල ලැබු රිය සහයකයා සහ යතුරුපැදිකරු ලිදුල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා නුවරඑළිය මුලික රෝහල වෙත මාරු කර යවා ඇත.
අනතුරට පත් ලොරි රථයේ කසල තේ කිලෝ පන්දහසක් පමණ ප්රවාහනය කරමින් තිබු බවයි ආගරපතන පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවේ නිලධාරියෙකු සඳහන් කළ සිටියේ.