තල්ගස්වල සිට බලපිටිය රන්දොඹේ දක්වා මිනිස් පාරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්රෑම් පන්දහස් තුන්සීය විස්සක් ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමග එක් අයෙක් (27) ඇල්පිටිය ඉදිගහවිලදි පොලිස් විශේෂ කාර්යංශ්ය බලකායේ රත්ගම කදවුරේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
තල්ගස්වල තේ කර්මාන්ත ශාලාවලින් ඉවතලන තේ දලුවල අවශේෂ කොටස් මෙසේ බලපිටිය රන්දොඹේ ප්රදේශයට ප්රවාහනය කරමින් තිබියදි අත්අඩංගුවට ගැණුනු බව පොලිස් විශේෂ කාර්යර බලකාය කියයි.
අත් අඩංගුවට ගැණුනු කසළ තේ ලොරි රථය හා සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා ඇල්පිටිය පොලීසියට භාරදුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.