අරුවක්කාඩු කසල අංගණයට කසල ප්රවාහනය කරමින් තිබු ටිපර් රථ සදහා ආරක්ෂාව ලබා දෙමින් ගමන් කළ පොලිස් කැබ් රථයකට ද ඊයේ (24) ගල් ප්රහාරයක් එල්ල වි ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ ගල් ප්රහාරය එල්ල වි ඇත්තේ පුත්තලම මුලස්ථාන පොලිසියේ මුර සංචාරක කැබ් රථයට බව පැවසේ.
කොළඹ සිට අරුවක්කාඩුවට කසල ප්රවාහන කරමින් තිබු ටිපර් රථ සදහා ආරක්ෂාව ලබා දෙමින් ගමන් කරමින් තිබු මෙම පොලිස් කැබ් රථයට ප්රහාරය එල්ල වි ඇත්තේ පුත්තලම තිල් අඩිය ප්රදේශයේදීය.
තිල් අඩිය ප්රදේශයේ සැඟවි සිටි පිරිසක් කසල රැගෙන යමින් සිටි ටිපර් රථ වලට ගල් ප්රහාරයක් එල්ල කරමින් සිටියදී මෙම පොලිස් ජීප් රියටද එකවර ප්රහාරය එල්ල වි තිබු බව කියයි.
එසේම මෙම ගල් ප්රහාර වලින් කසල ප්රවාහන කරමින් තිබු ලොරි රථයකටද ගල් ප්රහාරයක් එල්ල වි තිබු අතර එහි ඉදිරියේ ප්රධාන විදුරුවට හානි සිදුව ඇති බවද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධව ගල් ප්රහාරය සිදුවු අවස්ථාවේදිම සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට පොලිස් නිලධාරීන් සමත්ව තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු වාහන වලට පහර දිමට සඟවාගෙන තිබු ගල් කිපයක්ද පොලීසිය ඒ සමඟම අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
මෙම කසල ප්රවාහන ටිපර් රථ වෙනුවෙන් ස්ථාන ගණනාවක යුධ හමුදාවද ආරක්ෂාවට යොදවා ඇති බවද පැවසේ.
පුත්තලම - හිරාන් ප්රියංකර