තමන් කොන්දේසි වලට යටත් වී සිටින බවට අසතය ප්‍රචාර ගෙන යන ඇතැම් මාධ්‍ය ආයතන සහ කණ්ඩායම් තමන්ට එරෙහිව මඩ ප්‍රචාර එල්ල කරන බවත්, ඡන්ද ලබා ගැනීම සඳහා කොන්දේසි පසුපස ගොස් රට, ජාතිය, ආගම තම ඡන්මය නොවිකුණන බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ මහියංගනය නගරයේ පැවති ජන හමුවට ඊයේ (04) දින රාත්රියේදී එක්වෙමිනි. ජනාධිපතිවරණය වෙනුවෙන් සංවිධානය කළ 100 වැනි ජන හමුව මෙය මේ.
“දැන් බොරු කතා ගොතනවා සජිත් ප්‍රේමදාස කොන්දේසි වලට යටත් වෙලා කියලා. මොන කොන්දේසිද ? කාගේ කොන්දේසිද ? කියා මම එම පුද්ගලයින්ගෙන් අහනවා. අපේක්ෂකත්වය දෙන විටත් විවිධ අය කොන්දේසි දමන්නට ආවා. මම ඒ මොහොතේ කොන්දේසියි, අපේක්ෂකත්වයයි දෙකම තියා ගන්න කියලා කිව්වා. මම කිසිම කෙනෙකුට යටත් වෙන්නේ නැහැ. මට හොද කොන්දක් තියෙනවා. කොන්දේසි පස්සේ ගිහින් රට, ජාතිය, ආගම, විකුණන්නේ නැහැ. කිසිම දේකට සජිත් ප්‍රේමදාසගේ ඡන්මය විකුණන්නේ නැහැ.
පචවාහිනී මෙලෙස මඩ ගහන්නේ, තමන්ට අවශ්‍ය පුද්ගලයා බලයට ගෙනවිත් හිරේ ඉන්න ඇත්තන්ව එළියට ගැනීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහායි. මේවා කියන්න නොසිටියත් දැන් කියන්න සිදු වෙලා තියෙනවා. මොන තරම් මඩ ගැහුවත්, චරිත ඝාතන කළත් ඒ හැම දෙයක්ම දරා ගැනීමේ හොඳ හයියක් මට තියෙනවා.
මේ ඇත්තන්ට මාව විවේචනය කරන්න බැහැ. ඒකීය ශ්‍රී ලංකාවක්, ස්වෛරී ශ්‍රී ලංකාවක් තුළ ආගම, ජාතිය, මාතෘ භූමිය සුරැකීම යන ඒ ප්‍රතිපත්ති අකුරටම අනුගමනය කරන පුද්ගලයෙක්. හොරාකාපු, මංකොල්ල කාපු, දූෂණය වංචාව ක්‍රියාත්මක කරමින් රටට කොඩිවිනයක් වුණු, ආගම දහමට, රටට, සංස්කෘතියට ලැදියාවක් නැති කිසිම අයෙකුම පත්වීම් ලබා දීමට මා අත්සන් කරන්නේ නැහැ”