යාපනය මුහුදේදී කැස්බෑවුන් පස්දෙනෙකු අල්ලා මස් පිණිස විකිණීමට සූදානම්ව සිටි ධීවරයින් සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්යක්ෂක එස්.ශිවකරන් මහතා පැවසීය.
යාපනය ගුරුනගර් හා ඩෙල්ෆ් මුහුදු තීරයේදී අල්ලාගත් කැස්බෑවුන් ධීවර ජැටිවල පිහිටි ධීවර යාත්රාවේ ජලය කැබෑවුනය තුළට දමා විකිණීමට සූදානම් කර තිබියදී එම ධීවර යාත්රාවද සමඟ අදාළ ධීවරයින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට යොමු කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.