කැස්බෑව අධිකරණයෙන් රාජසන්තක කරන ලද හොඳ තත්වයේ වැලි තොගයකට පස් ගල් සහිත වැලි තොගයක් අධිකරණයට බාර දී වංචා කිරීම සම්බන්ධයෙන් මත්තේගොඩ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකි.
මත්තේගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ ගුණරත්න මහතාට ලද ලද තොරතුරක් අනුව ගල්කිස්ස කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනවලදී මේ බව අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
වැලි කියුබ් තුනක් බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කිරීමේ වරදට එම ටිපර් රථය රියදුරු සමග අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථාන භූමියේ රඳවා සැකකාර රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට දඩ නියම කර වැලි තොගය රාජසන්තක කිරීමට කැස්බෑව අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.
එම නියෝග ප්‍රකාරව සැකකරුවන් දෙදෙනා වැලි කියුබ් තුනක් සහිත එම ටිපර් රථය කැස්බෑව අධිකරණය වෙත රැගෙන එන අතරවාරයේදී මත්තෙගොඩ සහ පොල්ගස්ඕවිට අතර ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලකට මෙම වැලි තොගය ලබාදී බාල තත්වයේ පස් ගල් සහිත වැලි තොගයක් නඩු බඩු වශයෙන් අධිකරණයට බාරදී තිබූ බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙදෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.