මාතර පරමුල්ල ප්‍රදේශයේදී කැස්බෑ බිත්තර 113ක් සමග දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව මිරිස්ස වනජීවී කාර්යාලය පවසයි.
මිරිස්ස වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් පසුගිය දෙසැම්බර් 31 දින රාත්‍රිය පුරා මාතර වෙරළ තීරයේ හදිසි මෙහෙයුමක් සිදු කරන ලදී
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 59 සහ 57 ත් අතර මාතර කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් පසුගිය 01 දින මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 70,000 බැගින් දඩ නියම කෙරිණ.
මිරිස්ස වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී රවීන්ද්‍ර කුමාර, වනසත්ව නියාමක පුබුදු ප්‍රසන්න, ස්වේච්චා මාර්ගගෝපදේශකවරුන් වන පී.උපුල් නිශාන්ත, මහේෂ් සඳරුවන්, හෂාන් ජයවීර, සහ රියදුරු රත්න දේශප්‍රිය යන නිලධාරීහු මෙම මෙහෙයුම සිදු කළහ.
අකුරැස්ස - එන් කේ ඉන්ද්‍රවංශ