කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානත්වයෙන් තමා ඉල්ලා අස්වන බව රාවුල් කැස්ත්‍රෝ මීට වසර තුනකට පෙර නිවේදනය කළ අතර, ඒ අනුව යමින් ඔහු සිය ධුරයෙන් සමුදීමට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව කියුබාව වඩාත් ශක්තිමත් ආර්ථික පදනමක් මත සහ නව පරපුරේ නායකත්වයට මාරුවීම ආසන්න වශයෙන් සම්පූර්ණ වනු ඇති බව සඳහන් වෙයි.
කැස්ත්‍රෝගේ සැලැස්මට අනුව දේවල් හරියටම ක්‍රියාත්මක නොවීමට වසංගතයද දැඩිව බලපෑවේය. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය මත යැපෙන කියුබාවට වසංගතයෙන් දැඩි පීඩා එල්ල විය.
රජයේ ඇස්තමේන්තු අනුව 2020 දී ආර්ථිකය අවම වශයෙන් 11% කින් හැකිලී ගියේය. කියුබානුවන් දිනපතා පැය ගණනක් දිගු පෝලිම්වල රැඳී ආහාර, ඖෂධ සහ වෙනත් අවශ්‍යතා සොයා ගනී.
කෙසේ වෙතත් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා කියුබානු නිලධාරීන් උපරිම උත්සාහයක් ගෙන ඇති බවද කියයි.