කොස්ගොඩ ගොඩගමදි අද (25 ) අලුයම් කාලයේදි තියුණු ආයුධයකින් ඇණ පුද්ගලයකු ඝාතනය කොට ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.
කොස්ගොඩ ගොඩගම පදිංචි තිස්හතර හැවිරිදි සමන්ත ජයලත් නමැති විවාහක අයෙක් මෙසේ ඝාතනයවි ඇති බවද පොලීසිය කියයි.
මේ ඝාතනයේ සැකකරු මේ වනවිට ප්රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
සැකකාර ඝාතකයාත් ඔහු අතින් ඝාතනයවු අයත් එකම ගමේ වෙසෙන මිතුරන් බවත් මේ සිදුවීමට පෙර දින රාත්රියේ දෙදෙනාම එකට මත් පැන් පානය කර ඇති බවත් දෙදෙනා අතර ඇතිවු කතා බහක් දුරදිග යාමෙන් පසු මේ ඝාතනය සිදුවි ඇති බවත් පොලීසිය කියයි.
කොස්ගොඩ පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.