රට තුළ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය (New Comprehensive Rural Credit Sheme) නමින් නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට රජය කටයුතු යොදා ඇතැයි අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.
මෙහිදී බෝග වර්ග 36ක් සඳහා 4%ක පොලී අනුපාතයකට රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය මුදල් ලබාදීමට නියමිතව තිබේ. රාජ්‍ය බැංකු හරහා පමණක් මෙම ණය සදහා ඉල්ලුම් කළ හැකි අතර, ආපසු ගෙවීමේ කාලය මාස 9ක් බවත් සඳහන් වෙයි.
ඒ අනුව වී, මිරිස්, ලූණු, කව්පි, මුංඇට, උඳු, සෝයා, කුරක්කන්, බඩඉරිගු, රටකජු, තල, සූරියකාන්ත, අල, බතල, මඤ්ඤොක්කා, කිරි අල, එළවලු, වම්බටු, බණ්ඩක්කා, බීට්, බෝංචි, ගෝවා, කැරට්, මාලු මිරිස්, තක්කාලි, ලීක්ස්, රාබු, නෝකෝල්, කරවිල, පතෝල, වට්ටක්කා, වැටකොලු, ඉගුරැ සහ උක් යනාදී බෝග වර්ග 36ක් සඳහා මෙම ණය පහසුකම හිමි වෙයි.
මේ අතර නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය යටතේ සෞභාග්‍යා ගෙවතු වැඩසටහන සඳහාද එක් ගෙවත්තකට ඉහත භෝග වගාව සඳහා රුපියල් 40,000ක උපරිමයකට යටත්ව 4%ක පොලියකට රාජ්‍ය බැංකු මගින් ණය ලබාදීමටද මහ බැංකුව අනුමැතිය හිමිව තිබේ. මෙහිදී රජයෙන් ගෙවනු ලබන ණය සහනාධාරය 5%ක් වන අතර ණය ලබන්නාගේ පොලිය 4%ක් බවත් සඳහන් වෙයි.