කවදාවත් ජනපතිව දාලා යන්න අදහසක් නෑ
"ඔබ කවුරුත් බලාගෙන ඉන්නේ මං මොකක්ද කියන්නේ මේ පසුගියදා ජන මාධ්‍ය වල පල වුණු දේ ගැන. මේ ජන මාධ්‍ය මොනවද නිතරම කරන්න හදන්නේ. මේ නිවුස් කියන එක අය මවන්නේ මොකක්ද, ආන්දෝලනාත්මක කරුණු වලින්. ආන්දෝලනයට ලක් වෙන කරුණු තමයි නිවුස්. ඒවා පල කරන තරමට තමයි පත්තර වල තියෙන උනන්දුව වැඩිවෙන්නේ. ජන මාධ්‍ය ගැන උනන්දුව ඇති වෙන්නේ.
ඒ නිසා ඒවා මව මවා පුළු පුළුවන් හැටියට ඒවා ලොකු මහත් කරලා පෙන්වමින් ඉදිරිපත් කරනවා. ඒ වගේ දෙයක් තමයි ඔබ ඊයේ පෙරෙදා දැක්කේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ ජන මාධ්‍යකරුවන් කැඳවා, ඒ අය අස්වෙලා යනවා නම් ඒක ඒ අයගේ කැමැත්තක්. ඒ අයට වෙනස් මතයක් තියෙනවා නම්, අස්වෙලා යනවා නම් ඒ එගොල්ලන්ගේ කැමැත්තක්. මම එගොල්ලන්ව අස්කරන්න යන්නේ නෑ" යැයි යනුවෙන් බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියි.
අමාත්‍යවරයාගේ රත්නපුර දිස්ත්‍රික් නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
"අපිත් ජනාධිපතිතුමන්ට නැවත නැවතත් කියා තිබෙන්නේ අපි එතුමාව දාලා කවදාවත් යන්න අදහසක් නෑ කියලා. අපි එතුමා සමඟ මේ ගමන යන්නයි අදහස. අපිට පේන කොට අපේ රටේ අනාගතයට මහා හානි දායක බලපෑමක් ඇති කරන කරුණක් අපි ඒක මතු කරගන්නවා.
එතකොට දැන් මේ දවස් වල කථාකරන වචනයක් තමයි, ඉංග්‍රීසියෙන් කියනවා Collective Responsibility සාමුහික වගකීම කියලා කබිනට් එකේ ඉන්නකොට. මොනවා හරි තීරණයක් ගත්තොත් ඒකට තමන් එකඟ වුනත් නැතත් අපි කවුරුත් එකෙන් බැඳ තිබෙනවා. ඒක තමයි සාමුහික වගකීම කියන්නේ. එය එංගලන්තයේ ප්‍රතිපත්තියක්. ඊටත් පරණ ප්‍රතිපත්තියක් අපිට තියෙනවා.
අපිට අපේ සභ්‍යත්වයෙන් පෙන්නලා තියෙනවා හොඳම විදිහ මොකක් ද කියලා. සංගායනාව, සාකච්ඡාව, සම්මුතිය මේක මං හිතන්නේ අපේ පන්සල් වල සංඝයා වහන්සේලා අතර පුහුණු කරන දෙයක් විනය කර්මයේ දී. සාකච්ඡාව තමන්ගේ වැරදි එළිපිට කථා කිරීම අවසානයේ එක සම්මුතියකින් විසිර යාම.
ඉතින් ඒ නිසා අපිට අපේ පරණ ප්‍රතිපත්තිය අනුව සම්මුතිය අපි කවුරුත් ඉදිරියේ තියාගෙන හරි වැරැද්ද ගැන අපි අවංකව කථා කරමින් අපි කවුරුත් එකඟ වෙන රටට හිතවත් පොදු ස්ථානයක අපි කවුරුත් රැදෙන්න ඕන කියන අදහසේ තමයි අපි ඉන්නේ.
ඒ නිසා අපි මේ වේලාවේ අපි තුන්දෙනා වෙනුවෙන්ම කියන්න ඕන අපි ඇමතිවරු තුන්දෙනාටම කිසිම අදහසක් නෑ මේ ආණ්ඩුවෙන් පිටවෙලා යන්න. මේ ආණ්ඩුවෙන් පිටවෙලා යනවද කියලා අපෙන් අහන හැම මොහොතකම අපි කියන්නේ අපි හැදුව ආණ්ඩුවෙන් අපි මොකටද පිටවෙන්නේ. මේක අපි හැදුව ආණ්ඩුව. එදා මහින්ද සුළඟ අපි ආරම්භ කරපු වෙලාවේ ඉඳලා ඉදිරියට ගිය ගමනක මේ අවසාන ප්‍රතිඵලයක්. ඉතින් මේකට මේ තරම්ම අපි ජීවිතය දිය කරලා තිබෙනවා."

popular news
-
Kumar Wednesday, 29 December 2021 05:04 PM
dalayanne naha kiwwama mathakayata enney jothipala mahathmayage gethayayi.
Reply : 0 0
Demuni Uduwara Wednesday, 29 December 2021 10:42 PM
You have no place to welcome If you leave!
Reply : 0 0
timal Thursday, 30 December 2021 12:44 AM
මස් කට්ටක් විසිකරල වගේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

