කොවිඩ්-19 වෛරසය පාලනය සඳහා පෘතුගාලයේ ක්‍රියාත්මක හදිසි නීතිය මැයි 02දා දක්වා තවදුරටත් ක්‍රියාත්මක වන බව පෘතුකාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා පවසයි.
රැකවරණ නිවාසවල සිටින අය තවදුරටත් ආරක්ෂා කිරීම, රෝහල් ගත කර ඇති සංඛ්‍යාව ස්ථාවර කිරීම සහ මැයි මාසයේදී සමාජ හා ආර්ථිකය ක්‍රමානුකූලව විවෘත කිරීම සඳහා රජයට කාලය ලබාදීම මෙහි අරමුණ බව ඔහු පැහැදිලි කළේය.
රජයේ දෙපාර්තමේන්තු, පාසල්, දිවා සුරැකුම් නැවත විවෘත කිරීමට රජය මැයි මාසයේදී සැලසුම් කරයි. එම මාසය තුළ වැඩි වශයෙන් වෙළෙඳ සැල් හා අවන්හල් නැවත විවෘත කිරීමට ඉඩ දෙන බව අගමැති ඇන්ටෝනියෝ කොස්ටා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට පැවසීය. කෙසේ වෙතත් රූපලාවන්‍ය ආයතන වැනි ස්ථාන විශේෂිත සනීපාරක්ෂක නීති යටතේ නැවත විවෘත වනු ඇති බවද අගමැතිවරයා කීවේය.
අගමැතිවරයා දිනයක් නියම නොකළත් සංස්කෘතික හා ක්‍රීඩා ඉසව් ක්‍රමයෙන් විවෘත කිරීම මෙන්ම එළිමහන් සංදර්ශනද ක්‍රමයෙන් පැවැත්වීමට ඉඩදීම සලකා බලන බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පෘතුගාලයේ කොරෝන වෛරස ආසාදිතයන් 18,841ක් වාර්තා කර ඇති අතර, අවම වශයෙන් මරණ 629ක් වාර්තා වී තිබේ.