ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තම පුත් කණිෂ්ඨ ට්‍රම්ප් සතිය මුලදී කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසුව ඉතා හොඳින් සිටින බවය.
කණිෂ්ඨ ට්‍රම්ප් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ වීඩියෝවක් පළ කරමින් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන තම අනුගාමිකයන් වෙත අදහස් දැක්වීමෙන් පසුව ට්‍රම්ප්ගේ මෙම ට්විටර් පණිවුඩය නිකුත කෙරිණි.
කණිෂ්ඨ ට්‍රම්ප් කියා සිටියේ තමන් මුළුමනින්ම රෝග ලක්ෂණ නොමැති ආසාදිතයෙකු බවයි. කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් නිරෝධායනයට යොමුව සිටින බවද ඔහු කියා සිටියේය. තම පුතා සමග සංචාරයකට යෑමට පෙර සිදුකළ පරීක්ෂාවකදී මෙසේ තමන් ආසාදිත බව අනාවරණය වූ බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව කණිෂ්ඨ ට්‍රම්ප් අනුමාන කළේ සමහර විට ඔහුගේ පරීක්ෂණය ව්‍යාජ ධනාත්මක එකක් බවය. කෙසේ වෙතත් ඔහු දැනට ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරන බවත්, පවුලේ අය සමග නිවාඩු ගත කිරීමට හැකි වේදැයි බැලීමට තවත් පරීක්ෂාවක් සිදුකරන බවය.
"ඔබ දන්නවා එය බැරෑරුම් ලෙස සලකන්න" තමා ගෙන ඇති නිරෝධායන පිළිවෙත් ගැන පවසමින් ඔහු කීවේය. "කොහොම වුණත් නැවතත් රෝග ලක්ෂණ නොමැති නම්, එය අමුතු දෙයක් විය යුතුයි." ඔහු පරීක්ෂණය ගැන සැක කළේ එලෙසිනි.
ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙන්නේ කණිෂ්ඨ ට්‍රම්ප් මීට පෙරද සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඇතුළු සමාජ ජාල තුළින් කොරෝනා වෛරසය පිළිබඳව සැලකිය යුතු වැරදි තොරතුරු ප්‍රමාණයක් ප්‍රචාරය කර ඇති බවය. පසුගිය මාසයේ අගභාගයේදී ඔහු ෆොක්ස් නිව්ස් වෙත පැවසුවේ කොවිඩ්-19 හි මියගිය කිසිවෙකු නොමැති බවය. නමුත් ඒ වනවිටත් ඇමෙරිකානුවන් 228,000ක් වෛරසයට ගොදුරු වී සිටියහ.