එක්සත් රාජධානියේ අග්රාමාත්ය බොරිස් ජොන්සන් කොරෝනා වෛරසයට ගොදුරුව සුවය ලැබීමෙන් පසු අද (27දා) නැවත සේවයට පැමිණෙන බව ඩව්නිං වීදියේ ප්රකාශකයෙක් පවසයි.
එක්සත් රාජධානියේ විදේශ ලේකම් සහ පළමු රාජ්ය ලේකම් ඩොමිනික් රාබ් ඒ අනුව වැඩබලන අග්රාමාත්ය ධුරයෙන් ඉවත්ව යන්නේ යළිත් ජොන්සන් වෙත සම්පූර්ණ වගකීම් භාර දෙමිනි.
කොවිඩ්-19 රෝගය වැළඳීමෙන් පසුව රෝහල්ගතව සිටි ජෝන්සන් දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේද ප්රතිකාර ලැබීය.
කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය සුව අතට හැරීමත් සමග ජොන්සන් පාස්කු ඉරිදා රෝහලෙන් පිටව ගිය අතර, ඔහු සිය ගම්බද නිවස්නයක් වන චෙකර්ස් හි සම්පූර්ණ සුවය ලබන තුරු දින කිහිපයක් ගත කළේය.