එක්සත් රාජධානියේ කොරෝනා අර්බුද මැඬලීමේ සටනට අගමැති බොරිස් ජොන්සන් සඳුදා සිට නැවත සේවයට පැමිණීමට සැලසුම් කර තිබේ.
කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගත වී දැඩි සත්කාර ඒකකයේ පවා දින තුනක් ප්‍රතිකාර ලැබූ අගමැතිවරයා පසුව සුවය ලබා රෝහලෙන් නික්මුණු අතර, ඔහු චෙකර්ස් හි පිහිටි ඔහුගේ ගම්බද නිවස්නයේ කල් ගෙවීය.
ජොන්සන් තම සහායකයින්ට පවසා ඇත්තේ ලබන සතියේ කැබිනට් අමාත්‍යවරුන් සමග රැස්වීම් ආරම්භ කරන ලෙසයි.
මේ අතර දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද කියා සිටියේ ජොන්සන් යළිත් වැඩ ඇරඹීමට සූදානම් බවයි.
තමන් බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කතා කළ ප්‍රශංසා කළ බවත්, ඔහු ශක්තිමත් හා ධෛර්යසම්පන්න අයෙකු බවත් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත.