කොවිඩ්-19 හි දැඩි බලපෑමට ලක්වුවද, ආසියාවේ ආර්ථිකයන් සෙසු ලෝකයට සාපේක්ෂව හොඳින් යථා තත්ත්වයට පත්ව තිබුණත්, තිරසාර සංවර්ධනය පවත්වාගෙන යාමේ අභියෝග තවමත් පවතින බව ආසියානු බෝඕ සංසදය ඊයේ (18දා) නිකුත් කළ වාර්තාවන් පෙන්වා දෙයි.
2020 දී ආසියානු ආර්ථිකයන්ගේ ආර්ථික වර්ධන වේගය 1.7%කින් පහත වැටී ඇති අතර එය 2019ට වඩා 5.7%කින් අඩුවී ඇත. නමුත් එය දියුණු ආර්ථිකයන්ට වඩා 3%කින් ඉහළ ගොස් තිබේ. නමුත් 2021 දී ආසියානු ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු ඇති අතර එය 6.5%කට වඩා වැඩි වර්ධන වේගයක් බව 2021 ආසියානු ආර්ථික දැක්ම හා ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියේ වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.
ආර්ථික සංකෝචනය වෙළෙඳ හා දේශසීමා ආයෝජන අඩුකර ඇති අතර භාණ්ඩ මිලෙහි වෙනසක් ඇති කර තිබේ. එමෙන්ම ආසියානු ආර්ථිකයන්ගේ සමස්ත ණය මට්ටම තවදුරටත් ඉහළ ගොස් තිබේ.
බොහෝ ආසියානු ආර්ථිකයන් 2020 දී මධ්‍යස්ථ උද්ධමනයකට මුහුණ දී තිබේ. මාලදිවයින, ජපානය සහ බහරේනය යන රටවල දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ණය පසුගිය වසර හා සැසඳීමේදී පිළිවෙලින් 40.3%, 28.2% සහ 24.9%කින් ඉහළ ගොස් තිබේ.
2020 වසරේ ආසියාවේ ආර්ථිකයන් වසර 60කට පසු ප්‍රථම වතාවට සෘණාත්මක වර්ධනයක් වාර්තා කළ නමුත් එය සමස්තයක් ලෙස ලෝකයේ සෙසු රටවලට වඩා යහපත් බව චීන සමාජ විද්‍යා ඇකඩමියේ ලෝක ආර්ථික හා දේශපාලනික ආයතනයේ අධ්යක්ෂ ෂැං යුවාන් පැවසීය.
සෘජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් ගත්විට ආසියාව කැපී පෙනෙන අතර, 2020 දී ආසියාවේ විදේශ සෘජු ආයෝජන ඩොලර් බිලියන 476ක් වාර්තා කර තිබේ. එය පෙර වසරට වඩා 4%කින් පහත වැටී ඇත්තේ, ගෝලීය විදේශ සෘජු ආයෝජන 42%කින් පහත වැටීමට සාපේක්ෂව බවද ෂැං යුවාන් පැවසීය.
මේ අතර, ආසියාවේ විශාලතම ආර්ථිකය ලෙස චීනය 2020 දී 2.3%ක වර්ධන වේගයකින් පෙරමුණ ගෙන තිබේ. 2021 පළමු කාර්තුවේදී චීනයේ ආර්ථිකය වසරින් වසර 18.3%කින් වර්ධනය වූ බව වාර්තාව පවසයි.