ප්‍රංශය තුළ සාර්ථක එන්නත්කරණය සහ වසංගතය පාලන ක්‍රමවේද නිසා එරට ජනතාව යළි සාමාන්‍ය ජීවිතයට ක්‍රමයෙන් පැමිණීම සනිටුහන් කරමින් ජනාධිපති එමානුවෙන් මැක්රෝන් පැරීසියේ අවන්හලක අග්‍රාමාත්‍ය ජීන් කැස්ටෙක්ස් සමග කෝපි සංග්‍රහයක් බුක්ති විඳින ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඒ අනුව මාස 6කට පසුව එරට බාර්, අවන්හල් සහ සංස්කෘතික ස්ථාන පළමු වතාවට අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමට අවස්ථාව ලබාදී තිබේ.
"ඔන්න අපි ආවා! ආලින්දයන්ට, කෞතුකාගාරයන්ට, සිනමා හල්වලට, නාට්‍ය ශාලාවන්ට... සමාජ දුරස්ථභාවය ගරුකරන අතරම අපේ සුපුරුදු ජීවන රටාවන් දැන් ක්‍රමයෙන් සොයා බලමු" මැක්රෝන් පැරිස් නගරයේ අවන්හල් ආලින්දයක සිට කෝපි රස විඳින ගමන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඒ අනුව මෙතෙක් පැවති වසංගත සීමාවන් සීමාසහිත ලෙස ලිහිල් කිරීමේ රජයේ සැලසුම්වල ප්‍රධාන පියවරක් අද මෙසේ සනිටුහන් විය.
අපේ‍්‍රල් අගදී ප්‍රංශය තෙවැනි කොවිඩ්-19 රැල්ලේ උච්චතම ස්ථානයට පැමිණීමෙන් පසු ආසාදන අඛණ්ඩව පහත වැටී ඇති අතර, එය පසුගිය සතිය තුළ දෛනික ආසාදිතයන් 14,000ක් දක්වා පහත වැටී ඇත. අඟහරුවාදා ප්‍රංශයේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 4,352ක් වාර්තා වූ අතර, එය වසංගතය උච්චතම අවස්ථාවේදී රෝගීන් 6,001ක් දක්වා ඉහළ ගියේය.