චීනය කොවිඩ් -19 වැළැක්වීමේ හා පාලන කටයුතු සඳහා වෛද්‍ය විශේෂඥයන් 149 දෙනෙකු රටවල් 16ක් වෙත යවා ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ ප්‍රකාශක මයි ෆෙන්ග් පවසයි.
චීන රාජ්‍ය මාධ්‍ය වන චයිනා ග්ලෝබල් ටෙලිවිෂන් නෙට්වර්ක් උපුටා දක්වමින් විදෙස් වාර්තා ඔහුගේ ප්‍රකාශය වාර්තා කළේය.
වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග දිගටම කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව මයි ෆෙන්ග් පැවසීය.
නව කොරෝනා වෛරසය මුලින්ම පැතිර ගිය රාජ්‍ය ලෙසත්, එය මුලින්ම තුරන් කළ රාජ්‍ය ලෙසත් මේ වනවිට චීනය ලෝකයේ සෙසු රටවල් සඳහා සිය වෛද්‍යාධාර සහ විශේෂඥ පහසුකම් සලසමින් සිටියි.
චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවට අනුව පසුගිය සෙනසුරාදා දිනයේ එක් ආසාදිතයෙකු පමණක් වාර්තා කර තිබුණත්, එයද විදේශයකින් පැමිණි ආසාදිතයෙකි. එමෙන්ම අඛණ්ඩව සිව්වන දිනටත් කිසිදු මරණයක් වාර්තා නොවූ බව එහි සඳහන් විය.