ගුවර්න්සි දූපත් රාජ්‍යය නව කොරෝනා වසංගතය සම්බන්ධයෙන් බලධාරීන් නිකුත් කරන තොරතුරුවලට වඩා, සමාජ මාධ්‍ය ඔස්සේ වපුරන කටකතා අනවශ්‍ය භීතියක් ජනතාව තුළ ඇති කිරීමේ අවදානමක් පිළිබඳ අනතුරු අඟවයි.
ප්‍රංශ වෙරළට ආසන්නව, ඉංග්‍රීසි ඕඩයේ වූ දූපත්වලින් එකක් වූ ගුවර්න්සි, ස්වයං පාලනයක් සහිත රාජ්‍යයකි. එහි මෑතකදී ආසාදිතයන් 7 දෙනෙකු හමුවූ අතර, ඔවුන් පසුගිය සඳුදා සොයාගත් ආසාදිත සිද්ධියකට සම්බන්ධ අය බව රජය පවසයි.
ඒ අනුව නිවැරදිව පොකුරු හඳුනා ගැනීමට කටයුතු කරන පසුබිමක, අනවශ්‍ය ලෙස සීමාවන් වැඩි කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව බලධාරීන් කියයි.
රජයක් ලෙස විවෘතභාවයෙන් යුතුව ජනතාවට තොරතුරු සපයන්නේ නම්, කටකතා හා වියහැකි පුරෝකථන පිළිගෙන ඒ පසුපස නොයන ලෙස ගුවර්න්සි පාලනය එරට ජනතාවගෙන් ඉල්ලා සිටියි.
"අපි සෑමවිටම පවසා ඇති පරිදි, සමාජ මාධ්‍ය මත විශ්වාසය තබන්න එපා. අපි ඔබට යමක් කීමට ඇති විට අපි ඔබට කියන්නවා. සියලු තොරතුරු සපයනවා. එය සුබ ආරංචියක් වුවත්, අශුභ ආරංචියක් වුවත් අප කියනවා."
"අප ජනතාවගෙන් දේවල් සඟවන්නේ නැහැ. පොකුරු සෑදෙන්නේ කෙසේද හා ඒවා පැතිරෙන්නේ කෙසේද යන්න අප හඳුනාගෙන තිබෙනවා."
"ඉතින් අප විවෘතව සිටිනවා. අප සැමවිටම විවෘතව සිටිනවා. අපට ඇහුම්කන් දෙන්න. කවුරුහරි දන්නා කෙනෙක් කිව්ව දෙයක් මත නොවෙයි, නිවැරදි තොරතුරු මත ඉන්න." ගුවර්න්සි රජයේ ප්‍රකාශකයෙකු අවධාරණය කරයි.