කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේදී සහයෝගීතාව ශක්තිමත් කරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කර තිබේ.
විශේෂයෙන් වසංගතය හමුවේ චීනය සහ එක්සත් ජනපදය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කමද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් අවධාරණය කර ඇත.
කෙසේ වෙතත් චීනය මේ වනවිටත් මුඛ ආවරණ බිලියන 43.85ක්, ශල්‍ය අත්වැසුම් යුගල බිලියන 1.19ක්, ආරක්ෂිත ඇඳුම් කට්ටල මිලියන 950ක්, ආරක්ෂිත මුහුණ ආවරණ මිලියන 54.03ක් සහ වෙන්ටිලේටර් කට්ටල 17,585ක් 2020 මාර්තු 1දා සිට 2021 දී පෙබරවාරි 28දා දක්වා එක්සත් ජනපදයට අපනයනය කර ඇති බව වැන්ග් සඳහන් කළේය.
මේ අතර එන්නත් හා ඖෂධ පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ දෙපාර්ශ්වයම සන්නිවේදනය සහ සහයෝගීතාව පවත්වා ගෙන යන බවද වැන්ග් සඳහන් කළේය.
වසංගතයට එරෙහිව සටන් කිරීමේදී ගැඹුරු ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය අනෙකුත් රටවල් සමගද අඛණ්ඩව කටයුතු කරනු ඇති බව වැන්ග් වැඩිදුරටත් පවසා සිටියේය.
ඒ අනුව කොවිඩ්-19 ට එරෙහිව සිය ජනගහනය එන්නත් කිරීම සඳහා අවශ්‍ය එන්නත් ලබාගැනීම සඳහා බ්‍රසීලය ලෝකයේ වෙනත් බොහෝ රටවල් මෙන්ම අරගලයක යෙදී සිටින වාතාවරණයක, චීනයේ කොරෝනාවැක් එන්නත් තොගයක් බ්‍රසීලය වෙත ලබාදී තිබේ.
එසේම චීනය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් තොගයක් ගිනියා ජනරජයට ලැබී දින දෙකකට පසු එරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබේ. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රෙමී ලාමා සහ ජාතික සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ අධ්යක්ෂ ජනරාල් සකෝබා කීටා සහභාගී වූහ.