කොවිඩ්-19 වසංගතයේ දෙවැනි වසර එහි මාරාන්තිකම අවධිය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයිසස් පවසයි.
මේ තත්ත්වය තුළ ළමයින්ට එන්නත් ලබාදීමේ සැලසුම් නැවත සලකා බලන ලෙසත්, ඒ වෙනුවට කොවිඩ්-19 මර්දන එන්නත් COVAX යෝජනා ක්‍රමය හරහා දුප්පත් රටවල් සඳහා පරිත්‍යාග කරන ලෙසත් හෙතෙම ධනවත් රටවලින් ඉල්ලා සිටියේය. .
ටෙඩ්රොස් සඳහන් කළේ වසංගතයෙන් ජීවිත හා ජීවනෝපායන් බේරාගැනීම සඳහා ලෝකය විසින් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සහ එන්නත යන දෙකෙන් එකක් හෝ වෙනත් එකක් නොව, ඒ ක්‍රියාමාර්ග දෙකම වඩ වඩාත් ශක්තිමත් කළ යුතු බවයි.