බ්‍රිතාන්‍ය තුළ අලුතින් හඳුනාගත් නව කොරෝනා වෛරස ප්‍රභේදය කලින් පැවති වෛරස ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිර යන බව හඳුනා ගැනීමත් සමග නත්තල් සමයේදී එරට සමහර කොටස් නැවත අගුලු දැමීමට සිදුවන බව අගමැති බොරිස් ජොන්සන් පවසයි.
බ්‍රිතාන්‍ය අගමැති ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ලන්ඩන් සහ එංගලන්තයේ ගිනිකොන යන ප්‍රදේශ වෙත සිව්වැනි මට්ටම දක්වා අවදානම ඉහළ දමන බවය.
"පැතිරීම වේගවත් වී ඇත්තේ වෛරසයේ නව ප්‍රභේදය නිසයි" අගමැති බොරිස් ජොන්සන් ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. "එය වඩාත් පහසුවෙන් පැතිරෙන බවක් පෙනෙන්නට තිබෙනවා. එය පෙර පැවති ප්‍රභේදවලට වඩා 70%ක් සම්ප්‍රේෂණය කළ හැකි බව අනාවරණය වී තිබෙනවා."
"මෙය දැන් ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. සැලසුම් සහගතව අපට නත්තල් සමය ගත කළ නොහැකි බව මම කියන්නේ ඉතා දැඩි වේදනාවකින් යුතුවයි." ජොන්සන් පෙන්වා දුන්නේ දැඩි සීමාවන් යටතේ ඇති ප්‍රදේශවල නත්තල් සමයේදී ගෘහස්ථව මිශ්‍ර වීමට හැකියාවක් නොමැති බවය. තුන්වැනි මට්ටමට අයත් ප්‍රදේශවල, එනිනෙකා මිශ්‍ර වීම නත්තල් දිනයට සීමා වේ. නත්තල් සතිය තුළ නිවැසියන් තිදෙනෙකු දක්වා මිශ්‍ර විය හැකි බව මේ සතිය මුලදී ජොන්සන් තීන්දු කර තිබුණි.
එමෙන්ම සමස්ත බ්‍රිතාන්‍ය වැසියන් සංචාරය නොකරන ලෙස ඉල්ලා සිටින අතර, ඉහළම සීමාවන් යටතේ සිටින අයට රැකියා අරමුණු හැර විදේශ ගත වීමට ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.