කොවිඩ් රෝගී තත්ත්වය පිළිබඳව සොයා බැලීමේදී හා විමර්ශනයේදි ඇතැම් පුද්ගලයනි හා පාර්ශ්වයන් තමාට තිබූ රෝගී තත්ත්වයන් හෝ තමා ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව සැඟවීමට හෝ ආවරණය කිරීමට උත්සාහ දරණ අවස්ථා කිහිපයක් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව
01 තමාට තිබූ හෝ දැනට තිබෙන රෝගී තත්ත්වයන් සඟවන පුද්ගලයින්
02 තමා ඇසුරු කළ පුද්ගලයින් හා ආගිය ස්ථාන පිළිබඳව හෙළි නොකරන පුද්ගලයින්
03 කොවිඩ් රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් සඟවා තබා ගන්නා හෝ අනාවරණය නොකරන පුද්ගලියන්ට එරෙහිව දැඩිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි.