කියුබාව තුළ නව කොරෝනා වෛරස රෝගීන්ගේ ඉහළ යෑම හේතුකොට ගෙන රටවල් කිහිපයකින් පැමිණෙන ජාත්‍යන්තර ගුවන් ගමන් 2021 ජනවාරි 1 වැනි දින සිට සීමා කරන අතර, දේශසීමා සීමාවන් දැඩි කරන බවත් කියුබානු රජය පවසයි.
නව ක්‍රියාමාර්ග අතරට එක්සත් ජනපදය, මෙක්සිකෝව, පැනමාව, බහමාස්, හයිටි සහ ඩොමිනිකන් ජනරජයේ සංචාරකයන්ගේ පැමිණීම තාවකාලිකව සීමා කිරීම ඇතුළත් වේ. කියුබාවේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ජනවාරි 10දා සිට සෙසු රටවල සංචාරකයන්ට පැය 72කට පෙර ගන්නා ලද සෘණාත්මක කොවිඩ්-19 පීසීආර් පරීක්ෂණයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර, කියුබාවට පැමිණි පසු බලධාරීන් විසින් පිහිටුවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවද කියයි.
කියුබාවේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය සිය වෙබ් අඩවියේ සඳහන් කළේ මෑතකදී ජාත්‍යන්තර සංචාරකයන් සඳහා රට විවෘත කිරීමෙන් පසුව නව කොරෝනා වෛරස රෝගීන්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බවය. කෙවිඩ්-19 ආසාදන අවම කිරීමේ උත්සාහයක් ලෙස කියුබාව සිය ජාත්‍යන්තර ගුවන්තොටුපල මාර්තු මාසයේදී අර්ධ වශයෙන් වසා දැමීමෙන් පසු නොවැම්බර් මාසයේදී නැවත විවෘත කළේය.
නව රෝගීන්ගෙන් අවම වශයෙන් 71.5%ක් එක්සත් ජනපදය, මෙක්සිකෝව, පැනමාව, හයිටි, ඩොමිනිකන් ජනරජය සහ බහමාස් වැනි රටවලින් පැමිණි සංචාරකයන්ගේ ආශ්‍රිතයන් ඇසුරෙන් සොයාගෙන ඇත.