ශ්‍රී ලංකාවේ වාර්තාවී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 889ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ තවත් රෝගීන් 5ක් වාර්තාවීමත් සමගිනි. ඊයේ දිනයේදී වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 20කි.
සමස්ත රෝගීන්ගෙන් 9ක් මියගිය අතර තවත් 366ක් සුව වී නිවෙස්බලා පිටත්ව ගොස් තිබේ. ඒ අනුව තවත් රෝගීන් 514ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.