සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා අතර විශේෂ හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
මෙහිදී කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන්, සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුලු රජය ගෙන වැඩපිළිවෙල සහ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම, දෙරට අතර සබඳතා ඉහළ නැංවීම පිළිබදව සාකච්ඡා කෙරිනි.
මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා පවසාසිටියේ චීනය ඉතා දරුණූ ව්‍යසනයකට ලක්ව සිටි පසුගිය කාලය තුල ශ්‍රී ලංකා රජය ලබාදුන් සහයෝගය චීන ජනපතිගේ සහ චීන ජනතාවගේ පැසසුමට ලක්ව ඇති බවයි.
ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා අනුගමනය කළ ක්‍රියාපිළිවෙත පිළිබදව චීන රජයේ අවධානය යොමුව ඇති බවත්, චීන රජය ඒ පිළිබද ඉතා පැහැදීමට ලක්ව ඇති බවද ප්‍රකාශ කරන ලදි.
පසුගිය සමය තුල චීන රජය නිරන්තරයෙන් මෙරටට ආධාර උපකාර සිදු කළ බවත්, මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්රගමනයටත්, කොවිඩ් වෛරසය හේතුවෙන් ඉදිරියේ දී ගැටලුකාරි තත්ත්වයන් ඇතිවුවහොත් සහ නව රජයේ ඉදිරි වැඩපිළිවෙල සදහා සියලු සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කරන ලදි.
පැවැති ව්‍යසනයේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් සිය කාර්ය උපරිමයෙන් සිදු කොට බවත්, එම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව තවත් ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යතුමියට නැවත අවස්ථාව ලැබී ඇති බව ද ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා පවසා වැඩිදුරටත් පැවැසීය.
සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරන ලද්දේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ වෛරසය මැඩපැවැත්වීමට තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කළ බවයි. විනයගරුක ජාතිකයින් ලෙස චීන ජාතිකයින් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සහ නිරෝධායන නීතිරීති නිසි පරිදි පිළිපැදීම සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස තමා ඉතා අගය කොට සලකන කරුණක් බවත්, චීන ජාතිකයින්ගේ එම ආදර්ශමත් හැසිරීම වෛරසය පැතරයාම පාලනයට මනා පිටුවහලක් වූ බවත්, කිසිදු අයුරකින් වෛරසය පැතිරයාමට ඔවුන් ඉඩක් ලබානොදුන් බව ද අවධාරණය කරන ලදි.
ඒ පිළිබද චීන රජයටත්, චීන ජාතිකයින්ටත් සිය ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව ද, චීන රජය පැවැති ව්‍යසනකාරි තත්ත්වය තුල ද මෙරටට විශාල වශයෙන් ආධාර උපකාර සිදු කිරීම පිළිබදව ද සිහිපත් කරන ලදි. චීනය සමග ශ්‍රී ලංකාව සැමදාම අත්වැල් බැදගෙන සිටින බව සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ද එක්ව සිටියහ.