කොවිඩ් මරණ වාර්තා කිරීමේ ක්රමයේ වෙනසක් සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය. ඔහු සඳහන් කළේ පසුගිය පැය 48ක් තුළ සිදුවන මරණ දිනයක් තුළ වාර්තා කරන බවයි.
ඒ සඳහා ක්‍රම වේදයක් සකස් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
“මීට පෙර අප විසින් දෛනිකව මරණ වාර්තා කරනු ලැබුවේ පසුගිය දිනවල සමස්ත මරණයි. අද සිට වාර්තා කරනු ලබන්නේ පසුගිය පැය 48 තුළ සිදුවූ මරණ දිනයක් තුළ වාර්තා කරන්න අපි දැන් ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. ඒ අනුව පැය 24ත් 48ත් තුළ සිදුවන සියලුම මරණ වාර්තා කරන්න අපි කටයුතු කරනවා”