වාර්තාගත කොවිඩ්-19 මරණ හා සිද්ධීන් මධ්‍යයේ පැවති මැතිවරණයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය ප්‍රධාන ප්‍රාන්තයක් දිනාගැනීමට අපොහොසත් වී තිබේ.
මෝදිගේ භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලය මෙවර විශේෂයෙන් ඉලක්ක කරගත් ප්‍රාන්තයක් වූ නමුත්, එය සුවපහසු ලෙස ජයග්‍රහණය කිරීමට මෝදිව දැඩි ලෙස විවේචනය කළ මමාටා බැනර්ජි ප්රමුඛ පක්ෂය විසින් ජයග්‍රහණය කරන ලදී.
මෝදිගේ පක්ෂයට ඇසෑම් හි බලය ආරක්ෂා කරගැනීමට නමුත් වෙනත් තැනක විශාල වාසි ලබා ගැනීමට අපොහොසත් විය.
ඉන්දියාව වර්තමානයේ කොවිඩ්-19 මර්මස්ථානය බවට පත්කරමින්, මෙම වසංගත අර්බුදය හසුරුවා ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචනයකට පත්ව සිටි මෝදි මෙන්ම, භාරතීය ජනතා පක්ෂය වෙත ජනතාවගේ සැබෑ ප්‍රතිචාරය බලා ගැනීමට මෙම මැතිවරණය බොහෝ දෙනෙකු විසින් සමීපව නිරීක්ෂණය කරන ලදී.
විශේෂයෙන්ම මෝදි මෙන්ම, ඔහුගේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා බටහිර බෙංගාලයේ මහජන රැලි රැසකට සහභාගී වෙමින් කථා දුසිම් ගණනක් පැවත්වූ අතර වසංගතයට වඩා ඡන්ද විමසීම් කෙරෙහි අවධානය යොමුකළ බවට ඔවුනට දැඩි චෝදනා එල්ල විය.
අඛණ්ඩව දින 10ක් පුරා දෛනික ආසාදිතයන් 300,000ක් ඉක්මවා යමින්, ඉරිදා දිනයේ ඉන්දියාව දෛනික මරණ සඳහා නව වාර්තාවක් තැබුවේ, මරණ 3,689ක් වාර්තා කරමිනි. රෝහල්වල ඇඳන් සහ වෛද්‍ය ඔක්සිජන් හිඟයක් පවතින අතර බොහෝ ඉන්දියානුවන් උපකාර ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය හරහා ආයාචනා කරන ආකාරයක් දැකිය හැකිය.
ජනතාව ගැන නොසිතා බලය පමණක් ගැන සිතා තම න්‍යාය පත්රයන් දිගහැරි මෝදි මෙන්ම, එරට පාලකයන් මෙවැනි දැඩි අනතුරක් සම්බන්ධයෙන් විශේෂඥයන් අනතුරු අඟවා සිටියදීත් දැවැන්ත ආගමික උත්සව සහ මැතිවරණ පෙළපාලි සහ රැලි සඳහා අවසර දෙමින් රැඟූ රංගනය අවසානයේදී මේ ලැබී ඇති ජනතා ප්‍රතික්ෂේප වීම ඉතා හොඳ පණිවුඩයක් බව දේශපාලන විචාරකයෝ පවසති.