ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් සඳුදා පස්වරුවේ 2020 ධවල මන්දිරයේ නත්තල් ගස පිළිගත් අතර, නව කොරෝනා වෛරස් වසංගතය පැතිර යද්දීත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ අභියෝගයන් නොවිසඳී තිබියදීත් දීර්ඝ කාලීන සම්ප්රදාය දිගටම පවත්වා ගැනීමට ධවල මන්දිරය තීරණය කර තිබේ.
මෙම වසරේ ගස අඩි 18 සහ 1/2 ක් උස ෆ්රේසර් වර්ගයක් වන අතර එය බටහිර වර්ජිනියාවේ ඩෑන් සහ ඈන් ටේලර්ට අයත් ගස්වලින් එකක් බව කියයි.
මුඛ ආවරණ පැලඳි අසුන් හසුරුවන්නන් අශ්ව කරත්තයෙන් නත්තල් ගස රැගෙන එන විට ඊට ආචාර කිරීම සඳහා හමුදාව සංගීතය වයද්දී ධවල මන්දිරයෙන් පිටතට පැමිණි මෙලනියා උතුරු පෝටිකෝවේදී නත්තල් ගස පිළිගත් බව විදෙස් වාර්තා පවසයි.
පසුව ජනපති ආර්යාව නත්තල් ගස වවා තිබූ ගොවීන් සමගග ඡායාරූප සඳහා පෙනී සිටි අතර, මුලින් මුඛ ආවරණයක් පැලඳ සිටි නමුත් අමතර ඡායාරූප සඳහා පෙනී සිටීම සඳහා එය ඉවත් කළාය.
ධවල මන්දිරයේ නත්තල් ගස් තෝරා ගැනීම සාමාන්‍යයෙන් ජාතික නත්තල් ගස් සංගමය විසින් අධීක්ෂණය කරනු ලබන අතර එය 1966 සිට නිල නත්තල් ගස ලබා දී ඇත. නමුත් මේ වසරේ විධිමත් තේරීම් උත්සවයක් සිදු වී නොමැති බවද කියයි.