පෘතුගාලයට බදාදා රාත්‍රියේ සිට ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන බව එරට අග්‍රාමාත්‍ය ඇන්ටෝනියෝ කොස්ටා කියා සිටියේ, රටේ කොවිඩ්-19 තත්ත්වය බරපතල බව අවධාරණය කරමිනි.
"පෘතුගාලයේ කොවිඩ්-19 වසංගතයේ පරිණාමය බරපතල එකක් ලෙස අපට වර්ග කළ හැකියි" බදාදා පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකදී ආපදා තත්ත්වය ප්‍රකාශයට පත් කරමින් කොස්ටා මාධ්‍යවේදීන්ට පැවසීය. මෙම ආපදා තත්ත්වය සමග වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අතිරේක ක්‍රියාමාර්ග ගැනීමට රජයට සුවිශේෂී බලතල ලබාදී ඇත.
ඒ අනුව පොදු, වෙළෙඳ අවකාශවල හෝ අවන්හල්වල එක්රැස් වීමේ සංඛ්‍යාව පස් දෙනෙකුට නොඅඩු ලෙස සීමා කිරීම සඳහා අතිරේක සීමාවන් වහාම පැනවෙන බවත් කොස්ටා පැවසීය. පාසල් සහ විශ්ව විද්‍යාලවල සැමරුම් හා අනධ්‍යයන කටයුතු තහනම් කර ඇති අතර, මංගල උත්සව සහ බව්තීස්මය වැනි පවුල් උත්සව උපරිම වශයෙන් අමුත්තන් 50කට සීමා කර තිබේ.
පොදු ස්ථානවල, එනම් අවන්හල් සහ සාප්පුවල මෙම නීතිරීති අධීක්ෂණය හා බලාත්මක කිරීම වැඩි කිරීමට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්, නීතිරීති ක්‍රියාත්මක නොකරන ව්‍යාපාර සඳහා යුරෝ 10,000ක් (රු.ලක්ෂ 21ක් ඉක්මවූ) දක්වා දඩ මුදල් වැඩි කරන බවත් කොස්ටා තවදුරටත් කියා සිටියේය.
"මේ නීතිරීති අනුගමනය කිරීම සැබවින්ම අවශ්‍ය බව නැවත නැවත ආවර්ජනය කිරීම අත්‍යවශ්‍යයි” යනුවෙන් කොස්ටා පැවසීය. කෙසේ වෙතත් කාලය ගෙවීයත්ම යම් ලිහිල් කිරීමක් සිදුවනු ඇති බවද ඔහු කීවේය.
එසේම ඇතැම් අවකාශයන්හි මුඛ ආවරණ භාවිතය අනිවාර්ය කිරීම සඳහා පනතක් රජය විසින් ඉදිරිපත් කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, පෘතුගාලයේ ජාතික සෞඛ්‍ය සේවයේ මාර්ගගත ලුහුබැඳීම් යෙදුම සඳහා සියලු ජනතාව ලියාපදිංචි වීම අනිවාර්ය බවද කියා සිටියේය.
පෘතුගාලය සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කිරීමට පෙර මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වයෙන් වෙනස්ව, මෙසේ අලුතින් ප්‍රකාශයට පත්කළ ආපදා තත්ත්වය වෙන්කර හඳුනා ගැනීමේ කරුණක් ලෙස අග්‍රාමාත්‍ය කොස්ටා වැඩිදුරටත් කියා සිටියේ, මෙවර නිවසේ සිට වැඩ කිරීම පිළිබඳ රජයේ උපදෙස් එලෙසම පවතින අතර, දේශසීමා විවෘතව තබන බවය.